"තමන්ගෙම තැනක්… ලස්සන ජීවිතයක්"

නිවසක සිහිනය සැබෑ කර ගැනීමට බලා සිටින තවත් දහස් සංඛ්‍යාත පවුල්වලට බලාපොරොත්තුවේ දොරටු විවර කරන්නට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි. එමගින් ජාතික නිවාස වැඩසටහනේ නිවාස ආධාර වැඩපිළිවෙළ තුළින් සාර්ථක ප්‍රතිඵල මේ වනවිටත් අත්පත් කරගනිමින් සිටින්නෙමු.

එහි තවත් සතුටුදායක පියවරක් ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කලහගල සහ අඹන්ගඟ ගම්මානවල ඉදිකරන ලද නිවාස දෙකක් ජනතා අයිතියට පත් කෙරුණේ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.

නිවසක සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් වසර ගණනාවක් බලා සිටි පවුලකට තමන්ගේම නිවසක දොර විවර කර ගැනීමට ලැබෙන ඒ මොහොත, ඔවුන්ගේ ජීවිතයේ තවත් එක් සුවිශේෂී ආරම්භයකි.

එම අවස්ථාවන් සදහා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ද සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.