ලක්ෂ දහයේ නිවාස ආධාරයෙන් හැදෙන සුපිරි ගෙවල්..!

කළුතර දිස්ත්‍රික්කයේ

මිල්ලනිය ප්‍රා.ලේ. කොට්ඨාසයේ

639/B මහදුරුපිටිය ග්‍රාම නිලධාරි වසමේ පදිංචි

ජී. සනත් නන්ද කුමාර මහතාගේ නව නිවස පෙරේදා (12)

ගරු නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ ලබා දෙන රු. ලක්ෂ 10ක නිවාස ආධාරය මත මෙම නිවස ඉදිකර තිබුණා. 

අසල්වැසියන්, නෑදෑයන් සහ යහලු මිත්‍රාදීන් ඉතා විශාල ලෙස උදව් කළ බවත්, බොහෝ දෙනා වැලි, සිමෙන්ති , ලී ආදි අමු ද්‍රව්‍ය පහසු මිලට මෙන්ම නොමිලේ ද ලබා දුන් බවත්, එකී සියළු උදවුවල ශක්තියෙන් මෙන්ම සිය බිරිඳ සහ දරු දෙදෙනාගේ මහත් කැපවීමෙන් මෙම නිවස ඉදි කරගත් බවත් කියා සිටි සනත් නන්ද කුමාර මහතා කියා සිටියේ මෙම නිවසෙහි සමස්ථ වියදම ලක්ෂ 30කට අධික බවයි. රජයෙන් ලබා දුන් රු. ලක්ෂ 10ක මූලික ආඩිතාලම හේතුවෙන් සියලු දෙනාගේ ශක්තියෙන් තමන්ගෙම තැනක් ගොඩනගාගත් බවත්, එහි සතුට වචන වලින් කියා නිමකල නොහැකි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා. මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණි ඔෂානි උමංගා මහත්මිය, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙන්ම ගම්වාසීන් ද සහභාගි වී සිටියා.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.