“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්”

නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ රජයේ රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාර මත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කෙලෙස්ගම ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඒ. ගුණවර්ධන මහතා වෙනුවෙන් ඉදිකළ නව නිවස නිල වශයෙන් ලබාදීම පසුගිය 04 වැනිදා පස්වරුවේ සිදුකෙරිණි.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

නිවෙසක් ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස හිමිකම තහවුරු කිරීමේ අරමුණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇති පවුල් 365ක් වෙනුවෙන් රුපියල් මිලියන 365ක මූල්‍යාධාරද ලබා දී ඇත.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයතුංග, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් ගයානී ගීතිකා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.