“අපේ තැන සුරැකි තැන” ලෝක ජනාවාස දින සහයෝගීතා දිනය
කොළඹ දිස්ත්රික්කය - කොළඹ දිස්ත්රික් කාර්යාලය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකෙරෙන නිවාස ආධාර ව්යාපෘතිවල ප්රජා සහභාගීත්වයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කිරීම 40 වන ලෝක ජනාවාස දිනයට සමගාමීව අද සිදුකෙරුණි. කොළඹ දිස්ත්රික්කයේ මෙම වැඩසටහන නිවාස කිහිපයක් කේන්ද්ර කරගනිමින් ක්රියාත්මකයි. එහි සමාරම්භය හෝමාගම හා කඩුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි නිවාස කිහිපයක් මඟින් ආරම්භ කෙරුණි. මෙම අවස්ථාවන් පැවැත්වුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්රික් කාර්යාලයේ කළමනාකරු සමන් ජයතිලක මහතාගේ සහ සෙසු නිලධාරීන්ගේද සංවිධාන ශක්තියෙනි.
No Comments