“අපේ තැන සුරැකි තැන” ලෝක ජනාවාස දින සහයෝගීතා දිනය
ගම්පහ දිස්ත්‍රික්කය
ප්‍රජා සහභාගීත්වයද සහිතව නිවාස ඉදිකෙරෙන “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන මඟින් ලෝක ජනාවාස දිනය ඉලක්ක කර ගනිමින් “අපේ තැන සුරැකි තැන” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ ප්‍රජා සහභාගීත්වයෙන් නිවාස ඉදිකිරීම මූලික කරගනිමිනි. මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කය පුරාද ඔක්තෝබර් 04 දිනයේ ක්‍රියාත්මක වුණි. ඒ අනුව,
• ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - ඇල්ලදෙනිය බටහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඩබ්.ඩබ්.ඩී. කෞශිලා නිමේෂා
• දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - එස්.එම්. ඩයනා පත්මිනී සෙනරත්
• ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - ඇඹරළු දකුණ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ටී.එච්. ආශා
• මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - කූරියකොටුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි තරින්දා දිලුක්ෂි
• කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - කටාන ග්‍රාම නිලධාරී වසමේ පදිංචි දිස්නා රුවන්
• ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - ගෝනවල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඩබ්.ඒ. දෙව්මිනී නිකේතනී
• මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ - තම්මිට ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එච්.කේ. උපමාලිකා
යන ප්‍රතිලාභීන්ගේ නිවාස කේන්ද්‍ර කරගනිමින් එහි සමාරම්භය සනිටුහන් කෙරුණි.
මේ සඳහා දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන්ගේ නොමඳ ශ්‍රම දායකත්වය ලබා දී තිබුණේ තවත් එක් පවුලක නිවාස සිහිනය සැබෑවක් කිරීම වෙනුවෙනි.
No Comments