ලෝක ජනාවාස දිනයට සමගාමීව රත්තොට නව නිවාස 08ක් ජනතා අයිතියට....

ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන යටතේ මාතලේ, රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නව නිවාස 08ක් ප්‍රතිලාභීන් වෙත පිරිනැමීම ඔක්තෝබර් (03)  සිදුකෙරිණි.

මෙම නිවාස විවෘත කෙරුණේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා රත්තොට සම්බන්ධීකරණ කමිටු සභාපතිනි දීප්ති වාසලගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ගොඩපල, නෙළුවාකන්ද, ගාලේනෙළුව, මාවුස්සාගොල්ල, මුවන්දෙනිය සහ අල්වත්ත යන ග්‍රාම නිලධාරී වසම්වල මෙම නිවාස ඉදිකර ඇත.

මෙහිදී ඩබ්.ඒ. මංජුල සමන්කුමාර, එම්.ජේ.ඒ.එල්. කුමාරි දිල්රුක්ෂි, එච්.එම්. ප්‍රියන්ත හෙන්නායක, එස්.ජී. නන්දනී සුභසිංහ, එම්.අයි.ජී. එරන්දි හෂානි, එම්.ජේ.ඒ. සන්ධ්‍යා කුමාරි, පී.එච්.ජී.එන්. දිල්හානී ආරියරත්න සහ ජී.ජී.ආර්. කුමාර මැණිකේ යන ප්‍රතිලාභීන්ට නව නිවාස හිමිවිය.

“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ 2026 වසරේ නව නිවාස 9,700ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එහි පළමු අදියර යටතේ ඉදිකිරීම් අවසන් කළ නිවාස 5,000ක් ලෝක ජනාවාස දිනයට සමගාමීව ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කරමින් පවතී.

නිවාස අවශ්‍යතා ඇති ජනතාවට සුරක්ෂිත නිවසක් ලබාදීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබාදෙන අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික උපදෙස් සහ අධීක්ෂණය යටතේ නිවාස ඉදිකෙරේ.

නිවසක් ලබාදීමෙන් ඔබ්බට ගොස් ජනතාවට සුරක්ෂිත, ගුණාත්මක හා තෘප්තිමත් ජීවන පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.