"අපේ තැන - සුරැකි තැන" ලෝක ජනාවාස දින සහයෝගීතා දිනය.

අනුරාධපුර දිස්ත්‍රික්කය 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකෙරෙන නිවාස මූලික කරගනිමින් “අපේ තැන සුරැකි තැන” ක්‍රියාත්මක වන්නේ ප්‍රජා සහභාගීත්ව සංකල්පය මූලික කරගනිමිනි.

ඒ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 23ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කරමින් මෙම වැඩසටහන ඔක්තෝබර් (04) දවසේ ආරම්භ කෙරුණේ නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි.

දිගුකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙමින් රුධිර කාන්දුකරණය සිදුකරන රෝගී ප්‍රතිලාභියකු වෙනුවෙන් මෙම නිවස ඉදිකෙරේ. 

ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රජා කමිටු සාමාජිකයින් ඇතුළු 52කුගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව පැවැත්වුණි. අනුරාධපුර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු නිලධාරින් විසින් එම අවස්ථාව සංවිධානය කර තිබිණි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.