" තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකළ නව නිවසක් ප්‍රතිලාභී අයිතියට....

2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව විවෘත කෙරුණු නිවාස පන්දහසට සමගාමීව මෙම නිවස ඉදිකර තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුලේතැන්න ග්‍රාම නිලධාරි වසමේ නො.188B,ඉඹුලේතැන්න,හතරලියද්ද ලිපිනයේ පදිංචි B.M. රවිඳු සසංක විජේබණ්ඩාර මහතා වෙනුවෙනි.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සදහා ගලගෙදර ප්‍රාදේශීය සභා සභාපති, ප්‍රාදේශීය සභා කොට්ඨාස භාර මන්ත්‍රී අනුරුද්ධ චමිල මයා ඇතුළු දේශපාලන නියෝඡිතයින්, වසම භාර රාජ්‍ය නිලධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී ඇතුළු ගම්වාසීන් ද සහභාගි වූහ.

"අවැසි පමණට සැමට සෙවණත" යන තේමාව යටතේ 2026 වර්ෂයේ ලෝක ඡනාවාස දිනය සැමරුම් උළෙලට සමගාමීව මෙම නිවාස විවෘත කෙරුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.