ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කළ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ දී...

2026 - ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගාවලියේ  ජයග්‍රාහී චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය 09 කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

‘මගේ ලස්සන පුංචි ගෙදර’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම තරගය සඳහා දිවයින පුරා පාසල් දරු දැරියන් විසින් යොමුකර තිබූ චිත්‍ර 3260කින්  ජයග්‍රාහී චිත්‍ර හා හොඳම චිත්‍ර මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළත්  කර තිබුණි.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් දරු දැරියන්ට විවිධ නිර්මාණ ඔස්සේ සිය කලාත්මක හැකියාවන් සහ අදහස් බෙදාහදා ගැනීමට මෙන්ම ජනාවාසයක වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ද මෙය කදිම අවස්ථාවක් විය.

මෙම අවස්ථාව සඳහා නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් සහ මාධ්‍ය ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ සාමාන්‍යාධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහකාර සාමාන්‍යාධිකාරීවරුන් මෙන්ම කාර්ය මණ්ඩල නිලධාරීන්ද සහභාගි වී සිටියහ.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.