තාක්ෂණ නිලධාරීන් තිස් දෙදෙනෙකුට (32) ඉංජිනේරු සහකාර (සිවිල්) හා ඉංජිනේරු සහකාර තනතුරු සඳහා පත්වීම් ලිපි ප්රදානය...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දශකයකුට වඩා කාලයක් නොවිසඳී තිබූ උසස්වීම් ලබා දීමට වර්තමාන අධ්යක්ෂක මණ්ඩලය ක්රියා කළ අතර සුදුසුකම් හා කුසලතා මත පදනම්ව පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයක ප්රතිඵලයක් ලෙස තාක්ෂණ නිලධාරීන් තිස් දෙදෙනෙකුට (32) ඉංජිනේරු සහකාර (සිවිල්) හා ඉංජිනේරු සහකාර තනතුරු සඳහා ඔක්තෝබර් (17) පත්වීම් ලිපි ප්රදානය කිරීමේ චාම් උත්සවයක් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී සරත් මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාව සදහා ගරු ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්, වැඩබලන සාමාන්යාධිකාරීතුමා ඇතුළු නියෝජ්ය සමාන්යාධිකාරීවරුන් හා සහකාර සාමාන්යාධිකාරීවරුන් මෙන්ම සෙසු නිලධාරීන්ද සහභාගී වී සිටියහ.
No Comments