වෙම්බුවැවට නව නිවාස 22ක්....
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 'තමන්ගෙම තැනක්- ලස්සන ජීවිතයක්' තේමාන්විතව ක්‍රියාත්මක කරන නිවාස ආධාර වැඩසටහන මගින් ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙම්බුවැව ගම්මානයේ ප්‍රතිලාභී පවුල් 22 ක් සදහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණේ පසුගිය 18 වැනිදායි. ඊට සමගාමීව එක් ප්‍රතිලාභී පවුලක් වෙනුවෙන් ඉදිකෙරෙන නව නිවසකට මුල්ගල් තැබීම සදහාද අමාත්‍යවරයා එක්විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ දහයක මූල්‍යාධාර, තාක්ෂණික උපදෙස් සහ අධීක්ෂණ කටයුතු මෙන්ම ප්‍රජා සහභාගීත්වයද සමගින් මෙම නිවාස ඉදිකිරීමට නියමිතයි.
මෙම අවස්ථාව සදහා ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂතුමිය ඇතුළු නිළධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු මෙන්ම එම ප්‍රදේශයේ විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.
No Comments