“යතිවර මාපිය නිවහන..”
බුදු සසුන වෙනුවෙන් සිය දරුවන් පූජා කළ, ස්ථීර හා ආරක්ෂිත නිවාස අහිමි දෙමව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක 'යතිවර මාපිය' නිවාස ආධාර වැඩසටහනෙන් දෙහිඅත්තකණ්ඩිය මාවනාගම නව නිවසකට මුල්ගල් තැබීම දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුමැණිකේ රත්වත්තේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මහා සංඝරත්නයේ ආශීර්වාදය සහිතව මෙලෙස ඉදිකිරීම් ඇරඹුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලත්පඳුර ග්‍රාමනිලධාරී වසමේ පදිංචි ඒ.එම් රම්‍යලතා මහත්මිය වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසටයි.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, ග්‍රාමනිලධාරි මෙන් ම ගම්වාසීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම කටයුතු අධීක්ෂණය හා සම්බන්ධීකරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි.
No Comments