නිවසක් ඉදිකරගැනීමට අසීරු, නව නිවසක් මිලදී ගැනීමට අපහසු අඩුආදායම්ලාභීන් වෙනුවෙන් දියත් කෙරෙන සමාජ සත්කාරය;'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනයි.
නිවසක් ඉදිකරගැනීමට අසීරු, නව නිවසක් මිලදී ගැනීමට අපහසු අඩුආදායම්ලාභීන් වෙනුවෙන් දියත් කෙරෙන සමාජ සත්කාරය;'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනයි.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක බොහෝ නිවාස වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහන වන මෙය ක්‍රියාවට නංවන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.එමගින් රත්නපුර දිස්ත්‍රික්කයේ, කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකලම්පන්න ග්‍රාමනිලධාරී වසමෙහි එම්.පී පියදාස මහතා වෙනුවෙන්ද නව නිවසක් ඉදිකෙරුණේ තවත් නිවාස සිහිනයක් සැබෑ කරමිනි.පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තූ මන්ත්‍රී නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම නිවස විවෘත කෙරුණු අතර එම අවස්ථාව සදහා කහවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, සංවර්ධන නිලධාරී, අටකලම්පන්න පහමුණුපන්න වසම්වල ප්‍රජාශක්ති සභාපතිවරුන්ද සහභාගී වී සිටියහ.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ දහයක ආධාරත් ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයත් මත ඉදිකෙරුණු මෙම නිවස විවෘත කෙරුණු අවස්ථාවටද ප්‍රදේශවාසීන් එක්ව සිය සහයෝගය ලබාදුන්හ
No Comments