ත්‍රිකුණාමලයේ අතරමග නැවතුන නිවාස ව්‍යාපෘති අවසන් කිරීමට රජය වැඩ අරඹයි.....
නිවාසලාභීන්ට මූල්‍යාධාර.
පසුගිය 2015-19 කාලවකවානුව තුළ ආරම්භ කර අතරමග නැවතුණු නිවාස 52කින් සමන්විත සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාවන්තිස්සපුර හා සමගිපුර නිවාස ව්‍යාපෘති දෙකක නිවාස අංග සම්පූර්ණ කරගැනීම සඳහා නිවාසලාභීන්ට මූල්‍යාධාර පිරිනැමීම පසුගිය 28වැනිදා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.
කාවන්තිස්සපුර නිවාස ව්‍යාපෘතියේ නිවාස 27 න් ප්‍රතිලාභී පවුල් 24 ක් සදහා ද සමගිපුර නිවාස ව්‍යාපෘතියේ නිවාස 25 න් ප්‍රතිලාභී පවුල් 10 ක් සදහාද මෙහිදී මූල්‍යාධාර පිරිනැමිණි. අනෙකුත් ප්‍රතිලාභීන්ටද ඉදිකිරීම් සදහා අවශ්‍ය මූල්‍යාධාර හැකි ඉක්මනින් ලබාදීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිටත් කටයුතු කරමින් සිටී.මෙහි එක් නිවෙසක් වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ පහක් දක්වා මූල්‍යාධාර ලබාදී වැඩ ආරම්භ කළද නිවාස ඉදිකිරීම අතරමග නවතා දමා තිබිණි.
එමෙන්ම වත්මන් රජයේ 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ එක් නිවසක් වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂය දහය බැගින් මූල්‍යාධාර ලබාදෙමින් මෙම නිවාස අංග සම්පූර්ණ කර ගැනීම සඳහා කටයුතු කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කලමනාකරු නිමල් රාජසිංහ මහතා පැවසීය.මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2025 වසරේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ දහයක මූල්‍යාධාර මගින් සේරුනුවර දෙහිවත්ත ග්‍රාමයේ ඉදිකළ නිවාස දෙකක්ද ප්‍රතිලාභීන් වෙත ලබාදීමද මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරිණි. එමෙන්ම එම ව්‍යාපෘතිය යටතේම හදුනාගත් ප්‍රතිලාභීන් 03දෙනෙකු සදහා නව නිවාස වෙනුවෙන් මුල්ගල් තැබීමද, තවත් ප්‍රතිලාභීන් 11 දෙනෙකු සදහා චෙක්පත් ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.මෙම අවස්ථාවට සේරුනුවර ප්‍රාදේශීය ලේකම් එම්.යූ නිශාන්ත, ප්‍රාදේශීය සභා සභාපති සම්පත් තුෂාර යන මහත්වරුන්ද එක්වූහ.
No Comments