“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” යටතේ වෙන්නප්පුවේ නිවසකට මුල්ගල් තැබේ...
පුත්තලම – වෙන්නප්පුව
ස්ථිර නිවසක් සහ ආරක්ෂිත නිවහනක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීම අරමුණු කරගත් රජයේ “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන යටතේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගිය 03 වැනිදා සිදු කෙරිණි.
පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටහිර වෙන්නප්පුව වසමේ පී. සුමේධ ප්‍රසාද් සංජීව ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ඉදිකිරීමට නියමිත මෙම නිවස සඳහා මෙලෙස මුල්ගල් තැබීම සිදු විය.
මෙම අවස්ථාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි මහතා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්.ඒ.ඩී.එල්.පී. සියඹලාපිටිය මහතා, වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්. නදීජා හේරත් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.
ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආරක්ෂිත නිවහනක් ලබාදීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ.
No Comments