"තමන්ගෙම තැනක්… ලස්සන ජීවිතයක්"

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ නව නිවසක් අද (21) පෙරවරුවේ විවෘත කෙරුණේ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම නව නිවස ඉදිකර තිබුණේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංගොඩ වල්පොල, එම්. ඩී. එච්. ජයවර්ධන මාවතේ පදිංචි රෂිකා එරන්ති මහත්මිය වෙනුවෙනි.

ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙම නිවාස ආධාර ව්‍යාපෘතිය තුළින් තුළින් මේ වනවිටත් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ. ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නව නිවාස පන්දහසක් විවෘත කෙරුණේද ඒ අනුවයි.

රුපියල් ලක්ෂ දහයක මූල්‍යාධාර ලබාදීම, තාක්ෂණික උපදෙස් හා අධීක්ෂණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල මගින් සිදුකරනු ලබයි. ව්‍යාපෘති දියත් කිරීමේ ශ්‍රම දායකත්වය ප්‍රජා සහභාගීත්වයයි.

මෙම අවස්ථාව සදහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා, කොළඹ දිස්ත්‍රික් කලමනාකරු සමන් ජයතිලක මහතා ඇතුළු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.