"තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන මගින් වව්නියාව දිස්ත්‍රික්කයේ ඉදිකළ නව නිවාස තුනක් ප්‍රතිලාභී අයිතියට...

නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල් සදහා ස්ථීර සුරක්ෂිත නිවාස ඉදිකරදීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මහකච්චිකොඩිය, සැළලිහිණිගම,  මහමයිලන්කුලම යන ග්‍රාමසේවා වසම්වල ප්‍රතිලාභීන් තිදෙනෙකු වෙනුවෙන් ඉදිකළ මෙම නිවාස විවෘත කෙරුණේ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන් ම ප්‍රදේශවාසීන් සහභාගී වූ මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වව්නියාව දිස්ත්‍රික් කාර්යාලය මගිනි. එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිවල තාක්ෂණික උපදෙස් ලබාදීම, අධීක්ෂණය මෙන් ම සියලු සම්බන්ධීකරණ කටයුතුද දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදුකර තිබේ. 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.