"තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්"

සිහිනයක් වූ නිවහනක්... 

හෙට දවසේ ආරක්ෂිත ජීවිතයකට අද තැබූ ශක්තිමත් පියවරක්...

නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නංවමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙරට නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් සිය වගකීම ඉටු කරනු ලබයි. එම වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ  හලාවත ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ 570 මහවිලත්තව වසමේ කේ.පී.සනත් සංජීව මහතා වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවස සඳහා මුල්ගල් තැබීම පසුගිය 21වැනිදා සුබ මොහොතින් සිදුකෙරුණේ, හලාවත ප්‍රාදේශීය සභා සභාපති අනුරසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හලාවත කොට්ඨාසයේ ආසන සංවිධායක ගයාන් මහතා, හලාවත ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. අවට ප්‍රදේශවාසීන්ගේ  සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධානය වී තිබූ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වය, පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ අධීක්ෂණය හා තාක්ෂණික උපදෙස් මත මෙන්ම ප්‍රජා සහභාගීත්වය යටතේ නුදුරේදීම මෙම නිවසෙහි වැඩකටයුතු අවසන් කිරීමට නියමිතය.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.