“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ නව නිවසකට මුල්ගල තැබේ.

ස්ථීර හා ආරක්ෂිත නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීම අරමුණු කරගත් රජයේ “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබේ.

ඒ අනුව හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 564/A බටහිර මුංගන්දළුව වසමේ බර්නාඩ් මහතා වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නව නිවස සඳහා මුල්ගල තැබීම පසුගිය මැයි 06 වැනිදා සිදුකර ඇත.

මෙම අවස්ථාව සඳහා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියන පතිරණ මහතා ඇතුළු නියෝජිතයන් මෙන්ම බටහිර මුංගන්දළුව සහ නැගෙනහිර මුංගන්දළුව ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ. ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආරක්ෂිත නිවහනක් ලබාදීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.