පදවිය නිවාස ප්‍රතිලාභී පවුල් 22ක් සදහා නව නිවාස ඉදිකිරීම් ඇරඹේ...
පදවිය නිවාස ප්‍රතිලාභී පවුල් 22ක් සදහා නව නිවාස ඉදිකිරීම් ඇරඹේ.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් සදහා නව නිවාස ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ.නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොහොඹගස්වැව, කෝන්වැව හා වෙහෙරවැව යන දුෂ්කර ග්‍රාමයන්හි කටුමැටි නිවාස වල ජීවත්වන පවුල් 22ක් සදහාද චෙක්පත් ප්‍රදානය කිරීම සිදුකෙරුණේ ඊට සමගාමීවයි.එලෙස චෙක්පත් හිමිවූ නිවාසලාභීන්ගේ නව නිවාසවල ඉදිකිරීම් ආරම්භ කරමින් මුල්ගල් තැබීමද පසුගිය 14 වැනිදා සංකේතවත්ව සිදුකෙරුණේද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙනි.මෙම නිවාස ආධාර වැඩසටහන මගින් දිවයිනේ එකම ස්ථානයක ඉදිවන වැඩිම නිවාස ගණන මෙය වන අතර මෙම අවස්ථාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත නවරත්න මහතා, පදවිය ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු මන්ත්‍රීවරුන්, පදවිය ප්‍රාදේශීය ලේකම්තුමා සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු නිලධාරීන්ද සහභාගී වූහ.
No Comments