අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන

අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ නව නිවාස ඉදිකිරීම් ඇරඹේ.ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ මෙහෙයවීමෙන්,උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාවැව ග්‍රාමනිලධාරී වසමේ දර්ශන උදය කුමාර මහතාගේ නිවසට මුල්ගල් තැබීම උහන ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර,

අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දීඝවාපිය ග්‍රාම නිලධාරී වසමේ පබසරා මහත්මියගේ නිවසට මුල්ගල් තැබීම උහන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කම්ටු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස ව්‍යාපෘති ආරම්භ කරමින් මුල්ගල් තැබීමේ අවස්ථාවන් සදහා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ග්‍රාමනිලධාරීන් ඇතුළු වසම් භාර රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියහ.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන්, අම්පාර දිස්ත්‍රික් කලමණාකරු රුවන් පී.ගම්හේවා මහතාගේ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම නිවාස ඉදිකෙරෙන්නේ ප්‍රජා සහභාගීත්වය හා දායකත්වයද යටතේයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.