මුලතිව් දිස්ත්‍රික්කයේ ඉදිකළ නව නිවසක් ප්‍රතිලාභී අයිතියට....
වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගජබාපුර ග්‍රාමනිලධාරී වසමේ පදිංචි එස්.එම්. නිරෝසා ප්‍රියදර්ශනී මහත්මියගේ නිවස,ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද්දේ රුපියල් ලක්ෂ දහයක ආධාර සහ ප්‍රජා සහභාගීත්වයද සමගිනි.
එම නිවස විවෘත කිරීම සමුපකාර නියෝජ්‍ය අමාත්‍ය සහ මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පසුගිය 24 වැනිදායි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කළමනාකරු, තාක්ෂණික නිලධාරි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනෙකුත් නිලධාරීන්, වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් නිලධාරී ඇතුළු සෙසු නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
No Comments