“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ නව නිවසකට මුල්ගල තැබේ.
ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආරක්ෂිත නිවාස ඉදිකර දීම අරමුණු කරගත් “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” රජයේ නිවාස වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 568 ඒ තිස්සෝගම වසමේ පදිංචි නිලාන් සමන් කුමාර මහතා වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නව නිවස සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණි.
මෙම සුවිශේෂී අවස්ථාව හලාවත ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස මන්ත්‍රී රන්ජන් මහතාගේ සහභාගිත්වයෙන් පැවැති අතර, මානුවන්ගම කොට්ඨාස සංවිධායක හා ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ශිරන්ත නිරෝෂන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, තිස්සෝගම ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, වසමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, ප්‍රජා සංවර්ධන සභාවේ සාමාජික මහත්ම මහත්මීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.නිවසක් නොමැති පවුලකට ආරක්ෂිත හා ස්ථීර නිවාසයක් හිමි කරදීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන අතර, ඒ අනුව නිලාන් සමන් කුමාර මහතාගේ පවුල සඳහා ඉදිකෙරෙන නව නිවස ඔවුන්ගේ දිවි ගමනට නව බලාපොරොත්තුවක් එක් කරනු ඇත.
No Comments