"තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්"
සෑම පවුලකටම සුරක්ෂිත නිවසක හිමිකාරිත්වය ලබාදීම අරමුණු කරගත් "තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මකයි.
එම වැඩසටහන යටතේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වතුගෙදර ග්‍රාම නිලධාරී වසමේ චුලනි දිපිකා මහත්මිය වෙනුවෙන්, රුපියල් ලක්ෂ 10 ක ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් මූල්‍යාධාර මත ඉදිකිරීමට යෝජිත නව නිවස සඳහා සුභ මොහොතින් මුල්ගල් තැබීම පසුගියදා සිදුකෙරුණේ;
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හසාරා ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
බලපිටිය ප්‍රාදේශීය කොට්ඨාසය තුළ මේ වන විටත් නව නිවාස 18 ක වැඩ කටයුතු ආරම්භ කර ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින අතර, ඉන් සාර්ථකව වැඩ නිම කරන ලද නිවාස දෙකක් මේ වන විටත් ප්‍රතිලාභී අයිතියට පත් කර තිබේ.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, බලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂතුමිය, වසම භාර නිවාස නිලධාරී ඩබ්.එන්. නිශාන් මහතා, වසමේ රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
No Comments