බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන නව නිවාස 257 හි වැඩකටයුතු ඇරඹේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන නව නිවාස 257 හි වැඩකටයුතු ඇරඹේ.
තික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ නව නිවාස 257 ක් මෙම වසරේදී ඉදිකිරීමට නියමිත අතර එම නිවාසයන්හි ඉදිකිරීම් මේ වනවිටත් ආරම්භ කරමින් පවතී.
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුස්සැල්ලාකන්ද ග්‍රාම නිළධාරී වසමේ කේ.ඩී සූරසිරි වීරසිංහ මහතාගේ නව නිවස ඉදිකිරීම සදහාද මුල්ගල තැබුණේ ඊට සමගාමීවයි.පසුගිය 17 වැනිදා පැවති මෙම අවස්ථාව සදහා සොරණාතොට ප්‍රාදේශීය සභා සභාපති අශෝක ජයලත් එදිරිමාන්න මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙන් ම රාජ්‍ය නිළධාරීන්ද සහභාගී වූහ.මුල්ගල තැබීමට අමතරව ප්‍රතිලාභී පවුල වෙත මුල් අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීමද සිදුකෙරුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ අධීක්ෂණය යටතේයි.
No Comments