“ජන අරුණගම” ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.....
“ජන අරුණගම” ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.....
වත්මන් රජයේ නිවාස ප්‍රතිපත්තියට සමගාමීව මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ඒ අනුව වත්මන් රජය මඟින් ක්‍රියාත්මක ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 24කින් යුත් “ජන අරුණගම” ආදර්ශ ගම්මානය ඊයේ (29) දින ජනතා අයිතියට පත් කෙරුණි.
ඒ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමාගේ සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.මෙම ගම්මානය කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකර ඇත.නිවාස 24කින් සමන්විත මෙම ගම්මානය ජලය, විදුලිය හා මාර්ග ඇතුළු යටිතල පහසුකම්වලින් සමන්විතය.
ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දූරදර්ශී මඟපෙන්වීම යටතේ ඉන්දීය රජයේ ප්‍රදාන හරහා ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක වේ.එම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සහ මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා, ඉංගිරිය ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කලමනාකරු ඇතුළු නිලධාරීන් සහ ගම්වැසියන් සහභාගී වූහ.
No Comments