තවත් ප්‍රතිලාභී පවුලකට නව නිවසක අයිතිය.
තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩඩටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඩිහාරිය වසමේ පදිංචි ආර්.පී.සී මානෙල් ස්වර්ණලතා මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස ඊයේ (23) සුබ මොහොතින් විවෘත කරන ලදී.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්, බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී යන රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වූහ.
No Comments