රිදීමාලියද්දේ නව නිවාස පහක ඉදිකිරීම් ඇරඹේ...
මෙම ප්‍රතිලාභීන් තෝරාගැණුනේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේයි.
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපති නන්දසිරි වික්‍රමසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස මුල්ගල් තැබුණේ.
1. කඳුබැද්ද ග්‍රාම නිලධාරී වසමේ ආර්.එම් මංජුල ප්‍රදීප්.
2. ඉකිරියගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඩබ්ලිව්.එම් රසිකා තිලකරත්න.
3. ගමකුඹුර උතුර ග්‍රාම නිලධාරී වසමේ කේ.එම් සුවඳරත්න.
4. සඟබෝපුර ග්‍රාම නිලධාරී වසමේ ඩී.එම් සමන්ත දිසානායක.
5. අරාවත්ත ග්‍රාම නිලධාරී වසමේ එල්.පී රත්නපාල.
යන ප්‍රතිලාභීන්ගේ නව නිවාස සදහායි.
එම අවස්ථාවන් සදහා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, වසම් භාර රාජ්‍ය නිලධාරීන් මෙන් ම ප්‍රදේශවාසීන්ද සහභාගී වූහ.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ මෙම වසරේදී ක්‍රියාත්මක නිවාස වැඩසටහන් අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙම නිවාස ආධාර වැඩසටහන මෙම වසරේදී වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියයි.
No Comments