බදුල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස දෙකක් ප්‍රතිලාභී අයිතියට පත්කෙරේ....

බදුල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස දෙකක් ප්‍රතිලාභී අයිතියට පත්කෙරේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ,

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගස්දෝව ග්‍රාම නිළධාරී වසමේ ඩබ්ලිව්.පී. ඇසිලින්නෝනා මහත්මිය සහ වත්තෙකැලේ ග්‍රාම නිළධාරී වසමේ ඩබ්ලිව්.ජී. පොඩිසිඤ්ඤෝ  මහතා වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස;

සොරණාතොට ප්‍රාදේශීය සභාපති ජයලත් එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම නිවාස ඉදිකර තිබේ. වසම් භාර රාජ්‍ය නිළධාරීන් මෙන් ම ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.