තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' කඩුවෙලදී සාර්ථකව ක්‍රියාත්මකයි.

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' කඩුවෙලදී සාර්ථකව ක්‍රියාත්මකයි..කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වන නිවාස අවශ්‍යතාවයට මේ වනවිටත් පිළියම් සපයමින් සිටී.ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රධානතම වැඩසටහන 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනයි.​එම වැඩසටහනට සමගාමීව, සුභාෂිණි ඉෂංකා බාලසූරිය මහත්මියගේ සිහින නිවහන ඉදිකිරීම සඳහා වූ මුල්ගල තැබීම ඉකුත් 07 වැනිදා සිදුකෙරිණි.​කඩුවෙල, හෝකන්දර දකුණ, දර්ශන මාවතේ පිහිටි ඇගේ නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව ආරම්භ වූයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කඩුවෙල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අසිත නිරෝෂණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.