අතරමග නැවතුණු කුරුණෑගල නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට පියවර.

අතරමග නැවතුණු කුරුණෑගල නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට පියවර.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2015 – 2019 කාලය තුළ වැඩ ආරම්භ කර අතරමග නවතාදැමූ (අවිච්ජේද) ආදර්ශ ගම්මානවල ඉදිකිරීම් අවසන් කිරීමට වත්මන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව එම ව්‍යාපෘතිවල පවතින ගැටළු සොයා බලා අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විශේෂ විද්වත් කමිටුවක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමා විසින් පත්කර ඇත්තේ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම වෙනුවෙනි.එම කමිටු සාමාජිකයින් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රධාන කාර්යාලයේ නිළධාරීන් ඊයේ (14) දින කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතරමග නවතාදැමූ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය කිරීම වෙනුවෙනි.

එහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කළමණාකරු සහ කාර්යය මණ්ඩලය සමඟ ආදර්ශ ගම්මාන පිළිබද තොරතුරු සාකච්ඡා කළ අතර එහිදී අවධානය යොමු වූයේ මෙම නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු හැකි ඉක්මණින් නැවත ආරම්භ කිරීම පිළිබදවයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.