2026 දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 230 දෙනෙකුට නව නිවාස...

2026 දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 230 දෙනෙකුට නව නිවාස...

ඉන් මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නව නිවාස 42ක් ඉදිකිරීමට යෝජිත අතර එම නිවාස ව්‍යාපෘති සම්බන්ධ වැඩසටහන් කිහිපයක් පසුගියදා පැවැත්වුණේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙනි.නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ මූල්‍ය ප්‍රතිපාදන යටතේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ අඩු ආදායම්ලාභී සහනාධාර නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි.එම වැඩසටහන යටතේ මූතූර් හි  ප්‍රතිලාභීන් 13දෙනෙකු සදහා පළමු අදියර යටතේ චෙක්පත් ප්‍රදානය කර අවසන් අතර නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තවත් ප්‍රතිලාභීන් 08 දෙනෙකු සඳහා පළමු වාරිකය ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.නඩුතිව් සහ මැන්කාමම් ග්‍රාම සේවා වසම්වල තෝරාගත් ප්‍රතිලාභීන් දෙදෙනෙකු වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නිවාස සඳහා මුල්ගල් තැබීමත්, සබිනගර් ග්‍රාමසේවා වසමේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද නිවසක් ප්‍රතිලාභියාට භාරදීමත් එම වැඩසටහනට සමගාමීව සිදුකෙරිණි.වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද නිවාස 02 ක් ප්‍රතිලාභීන් වෙත භාර දීමෙන් අනතුරුව නව නිවසක් සදහා මුල්ගල් තැබීමද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම සියලු නිවාස ව්‍යාපෘති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සම්බන්ධීකරණයෙන් සහ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.