නිවාස අහිමිවූවන්ට හිසට සෙවණක් ලබාදීම මූලික පරමාර්ථය කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින්,
නිවාස අහිමිවූවන්ට හිසට සෙවණක් ලබාදීම මූලික පරමාර්ථය කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින්,"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස වැඩසටහන ක්‍රියාවට නංවන්නේ වත්මන් රජයේ නිවාස ප්‍රතිපත්තියට සමගාමීවයි.
ඒ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්පිටිය ග්‍රාම නිළධාරී වසමේ එස්.එම්. රංජිත් දිසානායක මහතා වෙනුවෙන්ද නිවසක් ඉදිකරදීමට යෝජිතය.එම නව නිවස සදහා මුල්ගල තැබීමේ උත්සවය පසුගිය 17වැනිදා පැවැත්වුණේ සොරණාතොට ප්‍රාදේශීය සභා සභාපති අශෝක ජයලත් එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනි.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ද සහභාගී වූ මෙම අවස්ථාවේදී එම ප්‍රතිලාභී පවුල වෙත නව නිවාස සැලැස්මද ප්‍රදානය කෙරිණි.
No Comments