තමන්ගෙමතැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන යටතේ,කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොරතොට, තුන්අඳහේන ග්‍රාමනිලධාරී වසමේ පදිංචි නවෝද් දිල්ෂාන් මහතාගේ නව නිවස
තමන්ගෙමතැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන යටතේ,කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොරතොට, තුන්අඳහේන ග්‍රාමනිලධාරී වසමේ පදිංචි නවෝද් දිල්ෂාන් මහතාගේ නව නිවස සඳහා මුල්ගල තැබීම පසුගිය 08වැනිදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.නාගරික මන්ත්‍රී සමන්ත කුමාර මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කළමණාකරු සමන් ජයතිලක මහතා සහ තාක්ෂණ නිලධාරී කේ. ජී. යූ. දිල්රාජ් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සුබ කටයුත්ත සිදුවිය.නිවාස අහිමි අඩුආදායම්ලාභීන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.
No Comments