තඹුත්තේගම සහ තලාවේ නව නිවෙස් 60ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 600ක්...

තඹුත්තේගම සහ තලාවේ නව නිවෙස් 60ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 600ක්...තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්  60ක් වෙනුවෙන් නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය පසුගිය 04 වැනිදා තලාව සහ තඹුත්තේගම දී සිදු කෙරුණේ,නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවෛද්‍ය සුසිල් රණසිංහ‍ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"නිවාස ආධාර වැඩසටහන යටතේ ස්ථිර නොවන නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් වෙත රු. ලක්ෂ 10ක නිවාස ආධාර ලබා දීමේ මෙම වැඩසටහන නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකයි.තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභින් 35ක් සහ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභින් 25ක් වශයෙන් ප්‍රතිලාභින් 60ක් වෙනුවෙන් මෙහි දී පළමු වාරිකයට අදාල චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.