තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' ජාතික නිවාස වැඩසටහන යටතේ හෝමාගම රිලාවල නව නිවසකට මුල්ගල තැබේ
තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' ජාතික නිවාස වැඩසටහන යටතේ හෝමාගම රිලාවල නව නිවසකට මුල්ගල තැබේ..කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රිලාවල පදිංචි විජිත ලලිත් කුමාර මහතාගේ නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය 06 වැනිදා සිදු කෙරිණි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
වත්මන් රජය යටතේ මෙරට නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් නිවාස වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මකයි. එහි ප්‍රමුඛතම වැඩසටහන වන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනයි. වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ ප්‍රජා දායකත්වයද සමගයි.මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රිලාවල ග්‍රාම නිලධාරිනී චාන්දනී මහත්මිය, හිටපු ග්‍රාම නිලධාරිනී ලලනි මහත්මිය, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී නුවන් ප්‍රබෝධ පීරිස් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහුද එක්ව සිටියහ.
No Comments