ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුවක්පිටිය, දොඹලන්ද ප්‍රදේශයේ පදිංචි කේ. චන්ද්‍රකලා මහත්මියගේ නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (08) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සීතාවක හා පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දන සූරියආරච්චි මැතිතුමා සහභාගී විය.ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී සමන් ජයවර්ධන මහතා, ප්‍රජා සවිබලගැනීමේ කමිටු සාමාජිකයින්, සංවර්ධන හා සමෘද්ධි නිලධාරිණියන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
No Comments