තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' මගින් මඩකළපුව නිවාස ප්‍රතිලාභීන්ට රුපියල් මිලියන 08 ක චෙක්පත් ප්‍රදානය කෙරේ.

'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' මගින් මඩකළපුව නිවාස ප්‍රතිලාභීන්ට රුපියල් මිලියන 08 ක චෙක්පත් ප්‍රදානය කෙරේ.මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කන්දසාමි ප්‍රභූ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වැනිදා මෙම උත්සවය පැවැත්වුණේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අඩු ආදායම්ලාභී නිවාස අහිමි පවුල් ඉලක්ක කරගනිමින් 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි. මෙලෙස චෙක්පත් ප්‍රදානය කෙරුණේ එම වැඩසටහනේ නිර්ණායක යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුල් 55 ක් වෙනුවෙනි. එම නිවාස සදහා වන මුළු ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 55 කි.ඉන් රුපියල් මිලියන 8.250 ක වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රදානය අවසන් කෙරුණේ එක් ප්‍රතිලාභියෙකුට රුපියල් එක්ලක්ෂ පනස්දහසක වටිනාකමකින් යුත් චෙක්පතක් බැගින් ප්‍රදානය කරමිනි.ඒ අනුව ඉදිරියේදී මෙම නිවාස 55 ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.