"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" මාතලේ දිස්ත්‍රික්කයේ II අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ...

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 13/3, ඕවල පොල්වත්ත, පදිංචි ඩී.එම්‍. ගයාන් ප්‍රදීප් මහතා වෙනුවෙන් ඉදිවන නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීම ඊයේ 01 දින ඉතා සාර්ථකව සිදු කරමින් එම වැඩසටහනේ දෙවන අදියරේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.මෙම අවස්ථාව ගරු නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රත්තොට ආසනයේ ප්‍රධාන සංවිධායිකා ගරු දීප්ති වාසලගේ මැතිතුමියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.දිට්වා හානිපූර්ණයට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් මෙම රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක් පිරිනැමෙන නිවාස ආධාර වැඩසටහන ඉතාමත් සාර්ථකව මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවනු ලබයි.මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශීය සභා සභාපති සමීර ජයරත්න මහතා, උප සභාපති, මාතලේ දිස්ත්‍රික් ලේකම් එල්. පී. මදනායක මහතා, මාතලේ ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර මහතා මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරිණිය, තාක්ෂණ සේවා නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.