සෑම පවුලකටම සුරක්ෂිත නිවසක් වෙනුවෙන් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර ව්‍යාපෘතියෙන් මාතලේ දිස්ත්‍රික් ප්‍රතිලාභියෙකුට චෙක්පත් පිරිනැමේ
සෑම පවුලකටම සුරක්ෂිත නිවසක් වෙනුවෙන් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර ව්‍යාපෘතියෙන් මාතලේ දිස්ත්‍රික් ප්‍රතිලාභියෙකුට චෙක්පත් පිරිනැමේ.උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාගොල්ල ග්‍රාමනිලධාරී වසමේ ආර්. ඩබ්ලිව්. චාරුණී යසන්ති මහත්මියගේ නිවසේ වැඩ ආරම්භ කිරීම සදහා මෙලෙස චෙක්පත් ප්‍රදානය කරන ලදී.ඒ මෙම නිවාස වැඩසටහන මගින් 2026 වර්ෂයේදී මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ප්‍රතිපාදන යටතේයි.මෙම අවස්ථාව පැවැත්වුණේ උකුවෙල ප්‍රාදේශීය සභා සභාපතිතුමන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, කොට්ඨාසය භාර රාජ්‍ය නිලධාරීන්ගේද සහභාගිත්වයෙනි.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කළමණාකාරතුමිය, කොට්ඨාස භාර තාක්ෂණ නිලධාරි ඇතුළු දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මෙම නිවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකයි
No Comments