ජීවත්වීමට සුරක්ෂිත නිවසක් ලබාදීමේ සමාජ වගකීම; ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අපි ඉටු කරන්නෙමු.වත්මන් රජයේ නිවාස වැඩපිලිවෙල යටතේ "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන ඒ වෙනුවෙන් ක්‍රියාත්මකයි.

ස්ථීර, ආරක්ෂිත නිවහනක් අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ මෙම වැඩපිලිවෙල යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නව නිවසක් සදහා මුල්ගල් තැබුණේ පසුගිය 25 වැනිදායි.මෙම නව නිවස ඉදිකෙරෙන්නේ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තාමරක්කුලම වසමේ චන්දිමා ප්‍රියදර්ශනී මහත්මියගේ පවුල වෙනුවෙනි.පල්ලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිලාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සදහා රාජ්‍ය නිලධාරීන් ද ප්‍රදේශවාසීන් මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් කළමනාකරු ඩී.ඒ ප්‍රියදර්ශන මහතා ඇතුළු නිලධාරීන්ද සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.