හත්වන වරටත් පැවති 'පොසොන් මහා බත් දන්සැල'....

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරන පොසොන් මහා බත් දන්සැල මෙවරත් ප්‍රධාන කාර්යාලයේදී අතිසාර්ථකව අද (26) පැවැත්විණි.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යමණ්ඩලයේ ශ්‍රම දායකත්වය සහ මූල්‍ය පරිත්‍යාග මත මෙම දන්සැල සංවිධානය කර තිබුණි.මෙවර එහි සංවිධාන ශක්තිය සදහා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරිය, වී අළෙවි මණ්ඩලය මෙන්ම සෙසු පාර්ශ්වයන්ද සිය නොමද දායකත්වය ලබා දී තිබිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා, සාමාන්‍යාධිකාරී ඉංජි.කේ.ඒ ජානක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ සාමාන්‍යාධිකාරීතුමා සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරයේ සාමාන්‍යාධිකාරීතුමා මෙන්ම වී අළෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.