ප්‍රතිලාභී අයිතියට පත් කෙරුණු අත්තනකඩවල සිහින කැදැල්ල....
නිවාස අහිමි අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස වැඩසටහන; 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවන්නේ 2026 වසරේ වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිකිරීමේ වගකීම ඉටුකරමිනි.නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇලහැර අත්තනකඩවල ප්‍රදේශයේ ඉදිකළ නව නිවසක්ද ප්‍රතිලාභී අයිතියට පත්කෙරුණේ මෙම වැඩසටහනට සමගාමීවයි.එම අමාත්‍යාංශය යටතේ 2026 වසරේදී නිවාස තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීම අපේක්ෂිතයි. මේ වනවිටත් එම නව නිවාස සදහා මුල්ගල් තැබීම්, විවෘත කිරීම් සිදුකරමින් පවතී. ඒ අනුව 2026 වසර යනු මෙරට වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකෙරන වසරයි.
No Comments