නිවාස,ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්;ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් -ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනේ නව නිවසකට මුල්ගල් තැබුණේ ඊයේ (25) දිනයේදීයි.

රුපියල් ලක්ෂ දහයක ආධාර සහ ප්‍රජා දායකත්වය මතකොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියන්වල ග්‍රාමනිලධාරී වසමේ චන්දි රුවන්තිකා මහත්මියගේ නව නිවස වෙනුවෙන් මෙලෙස මුල්ගල් තබන ලදී.මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක් මල්වත්ත, පාදුක්ක ප්‍රාදේශීය  ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද සහභාගී වූහ.මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කලමනාකරු සමන් ජයතිලක මහතා ඇතුළු කාර්යමණ්ඩලය විසිනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.