මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල් 199ක් සදහා 2026 දී නව නිවාස ඉදිකෙරේ..ඉන් නිවාස 101 ක ඉදිකිරීම්

මන්නාරම දිස්ත්‍රික්කයේ  නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල් 199ක් සදහා 2026 දී නව නිවාස ඉදිකෙරේ..ඉන් නිවාස 101 ක ඉදිකිරීම් මේ වනවිටත් ආරම්භ කර ඇති අතර තවත් නිවාස 98ක් ඉදිකිරීම සදහා අනුමැතියද හිමිව තිබේ.

එලෙස අනුමැතිය ලද මන්නාරම, නානාට්ටන්, මුසලී, මන්තෙයි බටහිර සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරාගත් ප්‍රතිලාභීන් සදහා මුල් අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීම පසුගිය 18වැනිදා පැවැත්වුණේ

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ජෙගතීස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි.එම සුවිශේෂී අවස්ථාවට සමගාමීව නව නිවාස ඉදිකිරීම සදහා මුල්ගල් තැබීමද සිදුකෙරිණි.මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන්, සැලසුම් අධ්‍යක්ෂ එම්. හලීම්දීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  මන්නාරම දිස්ත්‍රික් කළමනාකරු සජෙයකුමාර් ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.