අනාගත පරපුරකට සුරක්ෂිත හෙටක් උදාකරන නිවසක ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය."තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරවිල ග්‍රාම
අනාගත පරපුරකට සුරක්ෂිත හෙටක් උදාකරන නිවසක ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය."තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරවිල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අයි.එච්.මේනකා මහත්මිය වෙනුවෙන් ඉදිකිරීම යෝජිත මෙම නව නිවස සදහා මුල්ගල තැබුණේ;වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ලේකම්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්,ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් මොණරාගල දිස්ත්‍රික් කාර්යාලයේ තාක්ෂණ නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ප්‍රදේශවාසීන්ද සහභාගී වූහ.
No Comments