ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දියානු ආධාර වතු නිවාස වැඩසටහන..
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දියානු ආධාර වතු නිවාස වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවානාකැටිය ආධාර ගම්මානයේ නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීම වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින සිදු කෙරුණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභී පවුල් 29ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට නියමිත අතර, වතුකරයේ ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හා යහපත් ජීවන පරිසරයක් උදාකර දීම මෙහි අරමුණ වේ.
මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම් රොෂ්නි තොම්සන් මහත්මිය සහ එම කාර්යාලයේ ගිණුම් නිලධාරී එම්.පී. සිං මහතා ද එක්ව සිටියහ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන පද්මකුමාර, සංජීව රණසිංහ සහ ධනුෂ්ක රංගනාත් යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
තවද අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, අතිරේක ලේකම් කේ.එස්. විජය කීර්ති මහත්මිය, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කේ.ටී.කේ. සුලෝචනී මහත්මිය, සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමනාකරු අජිත් කුමාරප්පෙරුම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ කිරිවානාකැටිය ප්‍රදේශයේ පවුල් 29කට තමන්ගේම නිවසක හිමිකාරීත්වය පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
No Comments