නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් පවුල් හයකට නව නිවාස…
නිවසක් යනු පවුලක සුරක්ෂිතභාවයත්, දරුවන්ගේ අනාගතයත්, ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවත් රැඳෙන තමන්ගේම තැනයි.
එම සිහිනය සැබෑ කරමින් “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස ආධාර ලබා ඉදිකළ තවත් නිවාස හයක් ඊයේ (24) ජනතා අයිතියට පත් කෙරිණි.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන යටතේ කදුරුවෙල දකුණ, කදුරුවෙල බටහිර, 614 ගල්තබරාව, නිශ්ශංකමල්ලපුර, ලංකාපුර සහ තල්පොත යන ගම්මානවල ඉදිකළ නිවාස මෙලෙස ප්‍රතිලාභී පවුල් වෙත භාරදෙනු ලැබිණි.
මෙම අවස්ථාවට පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීතුමා, දිස්ත්‍රික් කළමනාකාරතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු එක්ව සිටියහ.
රජයේ අරමුණ නිවාස ඉදිකර දීමෙන් පමණක් සීමා නොවන අතර, එම නිවාස තුළ සුරක්ෂිතව ජීවත්වන පවුල්, සතුටින් හැදී වැඩෙන දරුවන් සහ බලාපොරොත්තු පිරි අනාගතයක් නිර්මාණය කිරීම ද එහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව අද තවත් පවුල් හයකට හිමි වූයේ නිවසක් පමණක් නොව, තමන්ගේම තැනක සුරක්ෂිතව අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ වටිනා අවස්ථාවයි.
No Comments