ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් සිව්දෙනෙකුට නව නිවාස හිමිකම්
“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාසලාභීන් සිව්දෙනෙකු වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස විවෘත කිරීම පසුගිය නොවැම්බර් 20 සහ 21 යන දිනවලදී සිදු කෙරිණි.
ඒ අනුව, 2026 නොවැම්බර් 20 වැනිදා මිනුවන්ගොඩ උග්ගල්බඩ ග්‍රාම නිලධාරී වසමේ ක්‍රිස්ට් මේරියන්ස් මහතාගේ නිවස විවෘත කෙරුණු අතර, නොවැම්බර් 21 වැනිදා මිනුවන්ගොඩ තම්මිට ග්‍රාම නිලධාරී වසමේ සුමිත‍්‍රා මහත්මියගේ, ශශිකා දිලිරුක්ෂි මහත්මියගේ සහ හිරෝෂිමා සදමාලි මහත්මියගේ නිවාස විවෘත කිරීම සිදු විය.
මෙම අවස්ථාවන් සඳහා මිනුවන්ගොඩ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ කළමනාකරු උපාලි ජයතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එමෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, උග්ගල්බඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය, අදාළ වසම්වල රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
ජනතාවට තමන්ගේම නිවසක හිමිකාරීත්වය ලබාදෙමින් සුරක්ෂිත ජීවිතයක් උදාකර දීමේ අරමුණින් ක්‍රියාත්මක වන “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකර ප්‍රතිලාභීන් වෙත භාරදීම සිදු කෙරිණි.
No Comments