ස්ථීර, ආරක්ෂිත නිවසක් අහිමි අඩුආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ අරමුණින් ක්‍රියාත්මක;

ස්ථීර, ආරක්ෂිත නිවසක් අහිමි අඩුආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ අරමුණින් ක්‍රියාත්මක;'තමන්ගෙම තැනක් -  ලස්සන ජීවිතයක්'

නිවාස ආධාර වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිකළ නව නිවාස තුනක් පසුගිය 21 වැනිදා ප්‍රතිලාභී අයිතියට පත් කෙරිණි.වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙලට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි. පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නැංවෙන මෙම නිවාස වැඩසටහන  අධීක්ෂණය කිරීම, තාක්ෂණික උපදෙස් සැපයීම ආදිය සිදුකරනු ලබයි.

වනාතවිල්ලුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,

1. විජයපුර බටහිර වසමේ බී.ලක්මාලි ප්‍රියදර්ශනී.

2. මංගලපුර වසමේ  එම්.එම්.නිරෝශා ප්‍රියදර්ශනී.

3. රාල්මඩුව වසමේ විසිරියා උම්මා

යන ප්‍රතිලාභීන් වෙනුවෙන්ද නිවාස ඉදිවුණේ ඒ අනුවයි.රුපියල් ලක්ෂ දහයක මූල්‍යාධාර, ප්‍රදේශවාසීන්ගේද දායකත්වය සහිතව ඉදි වූ මෙම නිවාස ,ප්‍රතිලාභී අයිතියට පත්කෙරුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.එම් ෆයිසාල් මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය භාර පරිපාලන ග්‍රාමනිලධාරි

එස්. ඒ.එම්.එන්.තුෂාරි සුරියහෙට්ටි මහත්මිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී ජේ.එම්.එස්.එස්.බී ජයසුන්දර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේද  සහභාගීත්වයෙනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.